කලහකාරී ලෙස හැසිරිණු තව්හිද් හ්රිදෝයිට වැඩ වරදියි – අයි.සී.සීය දඩුවම් පනවයි

Date:

බංග්ලාදේශ පිතිකරු තව්හිද් හ්රිදෝයිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග සිල්හෙට් හී දී පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම තුළින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ.

ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ඔහු පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කලහකාරී හා නුසුදුසු ලෙස හැසිරීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම හ්රිදෝයි විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...