2024 T20 ලෝක කුසලානයට ඉන්දීය කණ්ඩායමේ නායකයා ප්‍රකාශයට පත් කෙරේ

Date:

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම රෝහිත් ෂර්මාට පැවරී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් මේ බව තහවුරු කර සිටියේ රාජ්කොට්හි පැවැති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධූර කාලය ද 20යි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රියාත්මක වන බව ද ජේ ශාහ් සදහන් කළා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන දෙවැනි 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වනු ඇති.

මීට පෙර 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඔවුන් එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා.

අනතුරුව පසුගිය ජනවාරි මාසය වනතුරු ඔහු කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩා කළේ නැහැ.

අදාළ කාලයේ දී හර්ඩික් පාන්ඩ්යා හා සූර්යකුමාර් යාදව් වැනි ක්‍රීඩකයින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...