නවසීලන්තය ජයග්‍රහනයට ලකුණු 227 ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(15) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම විවිර කරමින්.

හැමිල්ටන් හී දී පැවැත්වෙන තරගය අද දිනයට නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 267 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුල්ලක් දැවී ලකුණු 40 ක් ලබා සිටියා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 17 කට දැවී ගිය අතර, ටොම් ලේතම් නොදැවී ලකුණු 21 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත්තා. David Bedingham ලකුණු 110 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන William O’Rourke ලකුණු 34 කට කඩුලු පහක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 242 ක්. පිළිතුරු ලෙස නවසීලන්ත පළමු ඉනිම ලකුණු 211 කට සීමා වුණා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා නවසීලන්තය තවත් ලකුණු 227 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...