තෙවැනි තරගයට එංගලන්තයෙන් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් – රෙහාන්ගේ ගැටලුවත් විසදෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ මාර්ක් වුඩ් යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු වෙනුවට දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළේ ජේම්ස් ඇන්ඩර්සන්.

තෙවැනි ටෙස්ට් තරගයට මාර්ක් වුඩ් කැදවීමත් සමග කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත්තේ ෂොයිබ් බෂීර්ටයි.

මේ අතර, වීසා ගැටලුවකට මුහුණ දීම හේතුවෙන් මෙම තරගය ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී සිටි රෙහාන් අහ්මඩ් ද කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ, ඔහුගේ වීසා ගැටලුව විසදා ගැනීමට හැකි වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය බ්‍රහස්පතින්දා (15) රාජ්කෝට් හී දී ආරම්භ වනවා.

England XI:

Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Ben Foakes (wk), Rehan Ahmed, Tom Hartley, Mark Wood, James Anderson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...