149කට දැවී ගිය කොදෙව්වන් 149ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(20) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 149කට දැවී ගොස් තිබුණා.

ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 49ක් සහ ෂායි හෝප් ලකුණු 43ක් රැස් කළා.

කයිල් මේයර්ස් ලකුණූ 12කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 10කටත් දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට පැමිණීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

වියාන් මෝල්ඩර් එක් ලකුණකට කඩුලු 3ක් බිද හෙලීම විශේෂත්වයක්.

කාගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩී සහ කේෂාව් මහරාජ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර, අන්රිච් නොකියා එක් කඩුල්ලක් බිද හෙලුවා.

ශාන්ත ලුසියාහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298ක් රැස් කළා.

නායක ඩීන් එල්ගර් ලකුණු 77ක් රැස් කළ අතර, පළමු තරගයේ දී ශතකයක් වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක්ට මෙම ඉනිමේ දී ශතකය අහිමි වුණේ ලකුණු 4කින්.

ඔහු පන්දු 162කින් ලකුණු 96ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් ද සමගින්.

පන්දු යැවීමේ දී කෙමා රෝච් සහ කයිල් මේයර්ස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගිය අතර, ෂැනොන් ගේබ්‍රියල් කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 149ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...