පසුපෙල පිතිකාරිණියන්ගේ සටන හමුවේ එංගලන්තයට ජය අහිමි වෙයි

Date:

පසුපෙල පිතිකාරිණියන්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

බ්‍රිස්ටල්හි පැවැති තරගයේ සිව්වන හා අවසන් දිනය මෙරට වේලාවෙන් ඊයේ(19) රාත්‍රියේ නිමා වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 344ක්.

9 වන කඩුල්ල වෙනුවෙන් Sneh Rana හා Taniya Bhatia අතර ලකුණු 104ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගීම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට බලපෑ ප්‍රධානම හේතුව බවට පත් වුණා.

Sneh Rana නොදැවී ලකුණු 80ක් ලබා ගත් අතර, Taniya Bhatia නොදැවී ලකුණු 44යි.

පළමු ඉනිමේ දී ලකුණු 96කට දැවී ගිය ෂෆාලි වෙර්මා ඉන්දීය දෙවැනි ඉනිම ද ශක්තිමත් කරමින් ලකුණු 63ක් රැස් කළා. දීප්ති ෂර්මා ලකුණු 54යි.

පන්දු යැවීමේ දී Sophie Ecclestone කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 396ක් ලබා සිටියදීයි.

අනතුරුව සිය පළමු ඉනිම සදහා ඉන්දියාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...