දෙවන දිනයටත් අයහපත් කාළගුණයෙන් දැඩි බලපෑම්

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය අද(19) නිමා වුණා.

ඒ වන විට කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 146ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාට් කෝලි ලකුණු 44ක් සහ අජින්කෙයා රහානේ ලකුණු 29ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක කඩුල්ල සදහා රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් අතර ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගුණා.

ෂර්මා ලකුණු 34කටත්, ගිල් ලකුණු 28කටත් දැවී ගිය අතර, චෙටස්වර් පුජාරා රැස් කළේ ලකුණු 8ක් පමණයි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, නෙයිල් වෑග්නර් සහ කයිල් ජමිසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගය එංගලන්තයේ සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, වර්ෂාව හේතුවෙන් පළමු දිනය ඊයේ(18) සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි සිදු වුණේ.

දෙවන දිනය සදහා ද අයහපත් ආලෝක තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර, ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 64.4ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...