මාලිංගගෙන් ධනංජය ගැන ප්‍රබල අනාවැකියක්

Date:

නවක තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් යනු 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වන හොදම ආයෝජනය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ ධනංජය ලක්ෂාන් 2023 ලෝක කුසලානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකු වනු ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, ඊට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයට ද ධනංජය ඇතුළත්.

ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පසුගිය 16 වනදා සහ 18 වනදා පැවැති පුහුණු තරග සදහා එක්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින හොදින්ම පන්දුව දකුණත් පිතිකරුවා තුළට දෝලනය කළ හැකි වේග පන්දු යවන්නා ලෙස ධනංජය ලක්ෂාන් හැදින්විය හැකි බවයි ලසිත් මාලිංග සිය වීඩියෝව ඔස්සේ පෙන්වා දුන්නේ.

දෝලනය තුළින් නව පන්දුවෙන් මෙන්ම වේගය අඩාල කර යැවිය හැකි පන්දු මිශ්‍රණය හේතුවෙන් ඉනිමේ අවසන් පන්දුවාර තුළ දී ද ධනංජය ලක්ෂාන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි සේවයක් ලබා දිය හැකි බව හිටපු නායකයාගේ අදහසයි.

කෙසේ වෙතත්, ඉනිමේ මැද පන්දුවාර තුළ දී ද ඔහු කඩුලු ලබා ගැනීමට උත්සාහ නොකර ලකුණු ලබා නොදී පන්දු යවන ආකාරය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව මෙහිදී ලසිත් මාලිංග වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ධනංජය ලක්ෂාන් නව පන්දුවෙන් වැඩි දක්ෂතාවයක් දක්වන බැවින් ඔහු කණ්ඩායමට කැදවීමේ දී ඒ පිළිබද අවධානය යොමු කර නව පන්දුවෙන් පන්දු යැවීමේ අවස්ථාව ඔහුට ලබා දීම වැදගත් බවයි මාලිංග සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...