135කට දැවී යමින් ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(14) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වැඩබලන නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් දිමුත් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

චන්දිමාල්ගේ තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වූ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වුණා.

ඉනිම ආරම්භ කළ ළහිරු තිරිමාන්න ලකුණු 4කටත්, කුසල් පෙරේරා ලකුණු 20කටත් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු නොලබා දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 27ක් රැස් කළා.

දසුන් ශානක ලකුණු 23ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා.(දර්ශන පහතින්)

වනිදු හසරංග ලකුණු 19යි.

ශ්‍රී ලංකා පිතිකරුවන් රැසක් පහරවල් තෝරා ගැනීමේ දී ඉතා දුර්වල අයුරින් කටයුතු කිරීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

මෙය ඕනෑම කණ්ඩායමක් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරගයක පළමු ඉනිමේ දී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...