බෙස් සහ රූට්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව පසු බසියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(14) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 127ක්.

සිය 50 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 110ක්.

ඩොම් සිබ්ලි ලකුණු 4කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 9කටත් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වැඩබලන නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

එය ඕනෑම කණ්ඩායමක් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරගයක පළමු ඉනිමේ දී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට ද එක් වුණා.

කුසල් මෙන්ඩිස් අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු නොලබා දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 27ක් රැස් කළා.

දසුන් ශානක ලකුණු 23යි.

වැරැදි පහරවල් තෝරා ගනිමින් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිතිකරුවන් රැසක් දැවී යාමට ප්‍රබල ලෙස බලපෑ බව දක්නට ලැබුණා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් ලකුණු 30කට කඩුලු 5ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 8ක්.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...