“100ට එකක් තියෙද්දී අපි ටිකක් කලබල වුණා” : චරිත් අසලංක

Date:

ලකුණු 100කට එක් කඩුල්ලක් බිද වැටී තිබූ අවස්ථාවේ දී තමා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් යම් කලබලයකට ලක් වීම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමට හේතු වූ බව ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග අගහරුවාදා(7) රාත්‍රියේ පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 14ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

ලකුණු 16කට ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල කඩුලු 4ක් දවා ගත් ජොෂ් හේසල්වුඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.4ක් තුළ ලකුණු 100 සීමාව පසු කර ගිය නමුත්, අනතුරුව පන්දු 13ක් තුළ ලකුණු 3කට කඩුලු 4ක් දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ දරුණු කඩා වැටීමක් සිදු වුණා.

“100ට එකක් තියෙද්දී අපි ටිකක් කලබල වුණා කියලා හිතෙනවා පෞද්ගලිකව මම ඇතුළුව හැමෝම, ඒකයි එතන බිද වැටීමට හේතු වුණේ.” යනුවෙන් චරිත් සදහන් කළා.

“නැත්තම් අපිට ලකුණු 170කට 180කට යන්න තිබුණා. නමුත්, අවාසනාවන්ත ලෙස මැදපෙල පිතිකරුවනුත් මමත් ඉක්මනට දැවී ගියා. ඒකෙ වගකීම පිතිකරුවන් විදිහට අපි භාර අරං බලන්න ඕනෙ අපි හෙට මැච් එකේ කොහොමද කියලා හොදින් සෙල්ලම් කරලා නැවතත් ගේම් එකට එන්නෙ.”

“තණතීරුව ඇත්තටම අපි හිතපු තරම්ම හොද නෑ. පොඩ්ඩක් ස්ලෝ වුණා ටික ටික යද්දී. හැබැයි 12ට 100ක් තියෙද්දී සාමාන්‍යයෙන් කණ්ඩායමක් ඉතිරි පන්දුවාර 8ට 70ක් 80ක් ගන්නවා. අපේ බෝලින් ගොඩක්ම ශක්තිමත්. ඉතිං 150කට වැඩිය තිබ්බනම් අපිට මීට වඩා ලොකු තරගයක් දෙන්න තිබ්බ කියලා හිතෙනවා.”

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය අද(8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...