ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නාට දෙවැනි 20යි 20 අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට ශ්‍රී ලංකාව සමග අද(8) පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවැති පළමු 20යි 20 තරගයේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

තරගයේ පළමු පන්දුවාරයේ දී ඔහු එම ආබාධයට ලක් වූ නමුත්, එම තරගයේ දී මිචෙල් ස්ටක් විසින් සිය පන්දුවාර හතරම යවා නිමා කිරීමට සමත් වුණා.

එහිදී ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට ද ස්ටක් සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව අද තරගය සදහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරනු ඇති.

බොහෝ විට මිචෙල් ස්ටක් වෙනුවට ජයි රිචර්ඩ්සන් කණ්ඩායමට කැදවීමට ඉඩ ඇති බව සදහන්.

පුහුණුවීම් අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මේ වන විටත් වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබොට්ගේ සේවය අහිමි වී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ඊයේ ආරම්භ වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පමණක් වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, 20යි 20 තරගාවලියෙන් පසුව ඔහු ඔස්ට්‍රේලියානු A සංචිතය සමග එක්වී ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි තරග සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව සිටියේ.

ශෝන් ඇබෝර්ට් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...