“හෝමාගම ක්‍රීඩාංගනය දැන්ම හදන්නේ නැහැ” – ගම්මන්පිලගේ චෝදනාවටත් ඇමති බන්දුලගෙන් පරස්පර අදහස්

Date:

ඉදි කිරීමට යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමාට වැරැදි තොරතුරු ලබා දුන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ කළ චෝදනාවට අද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

ඒ, කොළඹ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත්, එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මේ සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් නොලැබුණු අතර, අවස්ථා දෙකකදී පරස්පර ප්‍රකාශ සිදු කළා.

පළමුව අමාත්‍යරවයා කියා සිටියේ තමා කිසිදු වැරැදි තොරතුරක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත ලබා නොදුන් බවයි.

“කිසිම වැරැදි තොරතුරක් දුන්නයි කියල මම හිතන්නේ නෑ. මම හෘද සාක්ෂියට එකගව සහ අවංකවයි වැඩ කරන්නේ”

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය සදහා සියලු සැලසුම් කැබිනට් අනුමැතිය සහිතව 2016 වසරේ සිට සකස් කර තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම භූමි ප්‍රදේශය පවරා දීම සදහා කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිළධාරීන් පිරිසක් සමග අදාළ භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවට පිටත්ව ගියේ ඒ පිළිබද සාකච්ඡා කිරීම සදහා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

කෙසේ වෙතත්, පසුව අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යළි සිදු කළ විමසීමකදී ඔහු සදහන් කළේ උදය ගම්මන්පිල මහතා තමාට එරෙහිව කළ ප්‍රකාශය සත්‍ය ලෙස පිළිගන්නා ලෙසයි.

“එතුම එහෙම කියල තියෙනවනම් එහෙම පිළිගන්න. ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට අවශ්‍ය ඕනෑම විදිහකට හිතාගන්න. ඔබතුමාට අවශ්‍ය උත්තර මට දෙන්න අමාරුයි. එතුමාට අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ අයිතියක් තියෙනවා.”

මේ අතර, හෝමාගම ක්‍රීඩාංගනයට අදාළ කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා පරස්පර ප්‍රකාශ සිදු කළා.

එමෙන්ම මෙම ක්‍රීඩාංගනය මේ මොහොතේ ඉදි නොකරන බවත්, ඊට අදාළ මූලික කටයුතු පමණක් සිදු වන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මාධ්‍ය හමුවේ හඩපට පහතින් –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...