අගමැතිගේ සාකච්ඡාවෙන් පසු හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් අත්හිටුවයි

Date:

ඉදි කිරීමට යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින මතබේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඊට හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් බළධාරීන් මෙන්ම හිටපු බළධාරීන් එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ පවතින සියලු තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම ක්‍රීඩාංගනයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, එය ක්‍රමාණුකූලව ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක් දක්වා ඉදි කිරීමටත්, පසුව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩාංගනයක් ලෙස එහි පහසුකම් දියුණු කිරීමටත් පියවර ගන්නා බව ද එම උසස් නිළධාරියා සදහන් කළා.

මෙම ක්‍රීඩාංගනය සදහා යෙදවීමට අපේක්ෂා කළ මුදල රුපියල් කෝටි 800ක් පමණ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...