හ්රිදෝයි හා සයිෆුදීන් බංග්ලාදේශයට තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(7) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

ෆරාස් අක්‍රම් නොදැවී ලකුණු 34 (19) ක් රැස් කළ අතර, Tadiwanashe Marumani ලකුණු 31 (26) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් සයිෆුදීන් ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලුවා. රිෂාද් හොසේන් ලකුණු 38 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් තව්හිද් හ්රිදෝයි පන්දු 38 කින් ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත්. ජේකර් අලී ලකුණු 44(34) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට තරග 3-0 ක් ලෙස බංග්ලාදේශය විස්සයි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...