අවසන් තරගයෙන් ඇෆ්ඝනිස්තාන A පිලට ජය – තරගාවලියේ ජය ශ්‍රී ලංකා A කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති පස්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අද(7) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 43 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 197 ක් පමණයි.

පසිදු සූරියබණ්ඩාර ලකුණු 70 (92) ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නිශාන් මදුෂ්ක ලකුණු හයකටත්, මිනෝද් භානුක ලකුණු 24 කටත්, කමිල් මිෂාර ලකුණු 12 කටත් දැවී ගියා. නිපුන් කරුණානායක ලකුණු 19 ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21 ක්. වනුජ සහන් ලකුණු දෙකයි. දුෂාන් හේමන්ත ලකුණු 16 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Naveed Zadran ලකුණු 45 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. Nangeyalia Kharote කඩුලු තුනක් බිද හෙලුවේ ලකුණු 31 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Riaz Hassan නොදැවී ලකුණු 74 ක් ලබා ගත් අතර, Shahidullah ලකුණු 47 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂාන් හේමන්ත ලකුණු 46 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...