සූර්යකුමාර්ගේ නොදැවුණු ශතකය හමුවේ මුම්බායි පිලට කඩුලු 7ක ජයක්

Date:

පන්දු 51 කින් සූර්යකුමාර් යාදව් නොදැවී වාර්තා කළ ලකුණු 102 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි පිතිකරුවන් ඉනිම නිමා වීමට පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 31 ක් තුළ දැවී ගියේ තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු සන්රයිසස් කණ්ඩායමට හිමි කර දෙමින්. කෙසේ වෙතත්, අනතුරුව සූර්යකුමාර් යාදව් සමග පිටියේ එක් වූ තිලක් වර්මා 4 වැනි කඩුල්ලට අගනා ලකුණු 143* (79) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

සූර්යකුමාර්ගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්. මුම්බායි කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 6 ක් පමණක් අවශ්‍ය වූ අවස්ථාවේ දී ඔහුට සිය ශතකය සම්පූර්ණ කිරීමට ලකුණු 4 ක් අවශ්‍ය වුණා. එහිදී ටී නටරාජන් යොමු කළ 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමිනුයි සූර්යකුමාර් සිය ශතකය සමග කණ්ඩායමේ ජය ද තහවුරු කර දුන්නේ.

ඔහුට අනගි සහායක් ලබා දුන් තිලක් වර්මා හතරේ පහර හයක් සමග පන්දු 32 කින් නොදැවී ලකුණු 37 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 173 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 48 ක් ලබා ගත් අතර, නිටිෂ් කුමාර් ලකුණු 20 කට දැවී ගියා. ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 136 දී දැවී ගිය පසුබිමක නායක පැට් කමින්ස් පන්දු 17 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගනිමින් හයිදරාබාද් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා හා පියුෂ් චවුලා කඩුලු 3 බැගින් බිද හෙලුවා. නුවන් තුෂාර සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 42 ක් ලබා දුන් නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...