හෆීස් ඇතුළු තවත් පාකිස්තාන ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වැළදෙයි

Date:

තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

ෆකාර් සමාන්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හෙයිදර් අලී, ශඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් යන ක්‍රීඩකයින් ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ඊයේ (22) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

සහය කාර්ය මණ්ඩළ නිළධාරියෙකුට ද මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ නමුත්, වෛරසයට ගොදුරු වූ ක්‍රීඩකයින් ඊට එක්වීම සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ සැකසහිත බවක්.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ පෙර සැලසුම් කළ පරිදි වෛරසය ආසාදනය වී නොමැති ක්‍රීඩකයින් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව යන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...