ක්‍රිස් ගේල් CPL පිටියෙන් ඉවත් වෙයි

Date:

2020 සී.පී.එල් හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට සුපිරි කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය කණ්ඩායම වන ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වය දැනුවත් කර ඇති බව සදහන්.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලියට (draft) (ජූනි 24 වනදා) දිනක් ඉතිරිව තිබියදී  ඔහු මෙම තීරණය දැනුම් දීම විශේෂත්වයක්.

ක්‍රිස් ගේල් මෙවර ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණ ද 2019 වසරේ දී ඔහු ක්‍රීඩා කළේ ජැමයිකා තලවාස් කණ්ඩායම වෙනුවෙනුයි.

ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස් ගේල් පෙන්වා දී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් සිදු කෙරුණු රටවල් වසා දැමීමේ ක්‍රියාවලියත් සමග ඔහුට පසුගිය කාලයේ දී සිය පවුලේ සාමාජිකයින් සමග එක්ව කාලය ගත කිරීමට නොහැකි වූ බවයි.

ඒ අනුව ඉදිරියේ දී සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින් තමන් මෙවර තරගාවලියට එක් නොවීමට තීරණය කළේ යැයි ක්‍රිස් ගේල් සදහන් කර තිබෙනවා.

2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හී දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...