හසී ඇතුළු ඔස්ට්‍රේලියානුවන් ගෙදර යන්න සූදානම්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් ඇතුළු සියලු දෙනා හෙට(17) දිනයේ දී යළි ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

එම පිරිස අතරට කොවිඩ් 19 ආසාදනය වී සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයිකල් හසී ද ඇතුළත්.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සෙසු ඔස්ට්‍රේලියානු සාමාජිකයින් සමග මාලදිවයින බලා පිටත්ව යාමට ද හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, පසුගිය බ්‍රහස්පතින්දා මයිකල් හසී වෛද්‍ය පරීක්ෂණයකින් සමත්වීමත් සමග ඔහුට හෙට දිනයේ දී දෝහා හරහා ඔස්ට්‍රේලියාව වෙත ළගා වීමට හැකි වනු ඇති.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් 38 දෙනෙකු පසුගිය දිනවලදී මාලදිවයිනේ සිට නිරෝධායනයට ලක් වූ අතර, ඔවුන් ද හෙට දිනයේ දී ඔස්ට්‍රේලියාව බලා ළගා වීමට නියමිතයි.

ඔවුන්ට ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ගුවන් යානයක් ලබා දී ඇති බව සදහන්.

එරටට පැමිණීමෙන් පසුව එම සියලු දෙනා හෝටලයකදී නිරෝධායනයට ලක් කිරීමට ද නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...