ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ළගා වූ හැටි

Date:

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් අද(16) දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එරටට ළගා වී තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර, කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ උප නායකයා ලෙසයි පත් කර ඇත්තේ.

බංග්ලාෙද්ශයට ළගා වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතව ඇති අතර, අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...