“අඩුපාඩු ටික හදා ගන්න මම ගොඩක් මහන්සි වුණා” : කුසල් මෙන්ඩිස්

Date:

යළි තමාට එක්දින ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එරටට ළගා වී ඇති අතර, දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය වෙත අදහස් දක්වමින් මෙන්ඩිස් ඒ බව සදහන් කළා.

සිය අඩුපාඩු සකස් කර ගැනීම වෙනුවෙන් පසුගිය කාලයේ දී තමා බෙහෙවින් වෙහෙස වී කටයුතු කළ බවයි කුසල් මෙන්ඩිස් කියා සිටියේ.

“කුසල් අයියා (කුසල් ජනිත්) හොදම නායකයෙක්. එයාගෙ යටතේ මට උප නායකත්වය ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා මම.” යනුවෙන් කුසල් මෙන්ඩිස් සදහන් කළා.

“මම ගොඩක් පුහුණුවීම් කරා. මගෙ අඩුපාඩු ටික හදා ගන්න මම ගොඩක් මහන්සි වුණා. මම හිතනව මට හොද විවේකයක් ලැබුණේ. මට මාස තුන 4ක විවේකයක් ලැබුණා. ටෙස්ට්වලින් අයින් කරාට පස්සේ ආබාධයක් ඇති වුණා. ඉතිං මට එක්දින තරගවලට ආයෙත් එන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...