බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ කොවිඩ් පරීක්ෂාවන් ඇරඹේ

Date:

ශ්‍රී ලංකා තරගාවලිය අරමුණු කර ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් 19 සම්බන්ධ පරීක්ෂාවන්ට ලක් කිරීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඊයේ(15) දිනයේ දී එය ආරම්භ කර ඇති අතර, අද දිනයේ දී සහ හෙට දිනයේ දී ද ව්‍යෛ පරීක්ෂණ සිදු කරන බව සදහන්. කාර්යය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායම රැදී සිටින හෝටලය වෙත ඇතුළු කිරීම එහි ප්‍රතිපල මත තීරණය වනු ඇති.

මේ අතර, බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන් වෙනුවෙන් ලිහිල් නිරෝධායන ක්‍රමවේදයක් සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට මෙතෙක් එරට ක්‍රිකට් බළධාරීන්ට හැකි වී නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා පසුගිය 6 වනදා බංග්ලාදේශයට ළගා වුණා. අනතුරුව මේ වන විට දින 14ක කාලයක් නිරෝධායනයකට ලක්වීමට ද ඔවුන්ට සිදුව තිබෙනවා. ඒ, ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට බංග්ලාදේශයේ දී දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීම අනිවාර්යය වන බැවින්.

කෙසේ වෙතත්, ලබන 23 වනදා ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය අරමුණු කර ගනිමින් ලබන 19 වනදා සිට ශකිබ් අල් හසාන් සහ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...