හෂීම් අම්ලා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු හෂීම් අම්ලා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2019 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ඔහු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ කණ්ඩායම සදහා ක්‍රීඩා කළ නමුත්, ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ඔහු ගත් මෙම තීරණයත් සමග 2023 වසරේ දී හෂීම් අම්ලා එම කණ්ඩායම සදහා ද ක්‍රීඩා නොකරනු ඇති.

2013 හා 2014 වසරවලදී ද අම්ලා සරේ කණ්ඩායම නියෝජනය කළා. ඔහු කොල්පැක් ගිවිසුමක් අත්සන් කරමිනුයි 2019 වසරෙන් පසුව සරේ කණ්ඩායම නියෝජනය කළේ.

පසුගිය තරග වාරයේ දී හෂීම් අම්ලා ලකුණු 700 කට අධික ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් වුණේ ඉනිමක සාමාන්‍ය ලකුණු 40 කට ආසන්න අගයක් සටහන් කරගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...