Watch : Knight Riders කණ්ඩායමට එරෙහිව වනිදු දවා ගත් සුපිරි කඩුලු 3 මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 7 වැනි තරගයේ දී සුවිශේෂි පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

Desert Vipers කණ්ඩායම නියෝජනය කරන හසරංග මෙම තරගයේ දී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඩුබායි හී දී පැවැති තරගයේ දී Vipers කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ Abu Dhabi Knight Riders කණ්ඩායමට කඩුලු 7ක පරාජයක් මෙම තරගයෙන් අත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වයිපර්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15.4 ක් අවසානයේ දී යි.

වයිපර්ස් කණ්ඩායමේ ජයග්‍රහනය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ හසරංග විසින් මෙම තරගයේ දී දවා ගත්තේ චරිත් අසලංක, අන්ඩ්‍රි රසල් හා සුනිල් නරේන් යන ක්‍රීඩකයින්. (දර්ශන පහතින්)

https://twitter.com/cricday96/status/1615971137187631104?t=iVwX2PsTSBLp4VVcJdYxiA&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...