තියුණු සටනකින් පසු බ්‍රේස්වෙල්ගේ සුපිරි ඉනිම අපතේ යයි ; ඉන්දියාවට ලකුණු 12 ක ජයක්

Date:

මයිකල් බ්‍රේස්වෙල්ගේ සුපිරි සටන්කාමී ඉනිම තරගයේ අවසන් පන්දුවාරයේ දී අපතේ යවමින් ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 12 ක තියුණු පරාජයක් අත් කර ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද(18) සිදු වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 350 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 337 ක් පමණයි.

ඉනිමේ කඩුලු 6ක් ලකුණු 131 ක් තුළ බිද වැටුණු අතර, අනතුරුව තරගයේ ජයග්‍රහනය පිළිබද යම් බලාපොරොත්තුවක් නවසීලන්තයට එක් කිරීමට මිචෙල් සැන්ට්නර් සමගින් එක් වූ මයිකල් බ්‍රේස්වෙල් සමත් වුණා.

ඒ, 7 වැනි කඩුල්ල සදහා පන්දු 102 කින් ලකුණු 162 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්. මොහමඩ් සිරාජ් විසින් එම සබදතාවය බිද දැමු‍වේ ලකුණු 57 ක් ලබා සිටි සැන්ට්නර්ගේ කඩුල්ල දවා ගනිමින්.

බ්‍රේස්වෙල් පන්දු 78 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 12 ක් වාර්තා වූ ඔහුගේ ඉනිම අවසන් වූයේ තරගයේ අවසන් පන්දුවාරයේ දී නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 46 කට කඩුලු 4 ක් දවා ගත් අතර, කුල්දීප් යාදව් හා ශර්දුල් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය හයිදරාබාද් හී දී පැවැති අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබා ගත්තේ ෂුබ්මන් ගිල් රැස් කළ ලකුණු 208 න් ශක්තිමත් වෙමින්.

ඔහු ඉතිහාසගත වූයේ එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පස්වැනි ඉන්දීය පිතිකරු ලෙසයි.

ගිල්ගේ ඉනිමට හයේ පහර 9 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත්. රෝහිට් ෂර්මා ලකුණු 34 කටත්, සූර්යකුමාර් යාදව් ලකුණු 31 කටත්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී හෙන්රි ශිප්ලි හා ඩැරල් මිචෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...