Watch : පාන්ඩ්යාට එරෙහිව තෙවන විනිසුරු ලබා දුන් මතභේදාත්මක තීරණය

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර අද ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තෙවන විනිසුරු විසින් ලබා දුන් මතභේදාත්මක තීරණයක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයින්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස මතභේදාත්මක තීරණයක් හමුවේ දැවී ගියේ ඉන්දීය පිතිකරු හර්ඩික් පාන්ඩ්යා.

තරගය හයිදරාබාද් හී දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබා ගත්තේ ෂුබ්මන් ගිල් රැස් කළ ලකුණු 208 න් ශක්තිමත් වෙමින්.

ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස පාන්ඩ්යා දැවී ගියේ ලකුණු 28 ක් ලබා සිටියදීයි.

ඩැරල් මිචෙල් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගිය නමුත්, එම දැවී යාම මතභේදයට තුඩු දුන්නේ පන්දුව කඩුල්ලේ වැදුණේ ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.

කඩුලු රකින්නාගේ අත් ආවරණ ද කඩුල්ල ආසන්නයේ ම රැදී තිබූ අතර, බොහෝ දෙනෙකු මෙම අවස්ථාව නොදැවුණු අවස්ථාවක් ලෙස අනුමාන කළේ කඩුලු රකින්නාගේ අත් ආවරණ කඩුල්ලේ වැදුණු බවට නිගමනය කරමින්.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු විසින් තීරණය කළේ එම අවස්ථාව දැවී යාමක් ලෙසයි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...