හර්ෂිතාත් විදෙස් ලීග් තරගාවලියක් සමග ගිවිසුම්ගත වෙයි

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකාරිණියක් වන හර්ෂිතා සමරවික්‍රමට 2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා.

ඒ, ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියාවේ මැග් ලෙනින් ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව ලෙනින් වෙනුවට හර්ෂිතා එම කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Shikha Pandey, Jemimah Rodrigues හා Jess Jonassen යන ක්‍රීඩිකාවන් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

චමරි අතපත්තු හැරුණු විට විදෙස් ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි හර්ෂිතා ඉතිහාසගත වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...