ශකීල් හා සයීම් පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට හිමි කර දෙයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) රාවල්පින්ඩිහී දී ආරම්භ වුණා.

වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය නිසා තරගය ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 41 ක් පමණයි.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 16 ක් තුළ බිද වැටුණා. ඒ, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු දෙකකටත්, නායක ශාන් මසූඩ් ලකුණු හයකටත්, බාබර් අසාම් ලකුණු නොලබාත් දැවී යාමත් සමගයි.

ශාන් මසූඩ් කඩුලු රකින්නාට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු බවට තෙවන විනිසුරු මෙම තරගයේ දී ලබා දුන් තීන්දුව යම් මතභේදාත්මක තත්ත්වයක් ද නිර්මාණය කළා. (දර්ශන පහතින්)

ආරම්භක පිතිකරු සයීම් අයුබ් ලකුණු 56 ක් ලබා ගත් අතර, සවුද් ශකීල් නොදැවී ලකුණු 57 ක් හා මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා හසාන් මහ්මුද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...