බංග්ලාදේශයට නව සභාපතිවරයෙක්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස Faruque Ahmed පත්ව තිබෙනවා.

ඩකාහී දී පැවැති ක්‍රිකට් ආයතනයේ රැස්වීමකදී මෙම පත් වීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙතෙක් සභාපතිධූරය දැරූ නස්මුල් හසාන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගැනීමත් සමගයි මෙලෙස නව සභාපතිවරයෙකු පත් කිරීමට පියවර ගැණුනේ.

Faruque ඉතිහාසගත වන්නේ මෙතෙක් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් වූවන් අතරින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති එකම පුද්ගලයා ලෙසයි.

ඔහු 1988 වසරේ සිට 1999 වසර දක්වා කාලයේ දී එක්දින ජාත්‍යන්තර තරග 7ක් ක්‍රීඩා කර තිබූ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ද දරා තිබුණා.

බංග්ලාදේශය තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සමග ඇති වූ කලහකාරී තත්ත්වයන් හමුවේ පසුගිය දිනවලදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ නස්මුල් හසාන් අතුරුදන්ව සිටි අතර, පසුව ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර සිය බිරිද සමග සැගව සිටින බවටයි අනාවරණය වුණේ.

ඔහු බංග්ලාදේශයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...