හයේ පහර ත්‍රිත්වයකින් පූරාන් මංගල ශතකය ලබමින් ගයානාවට ජය ගෙන එයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ විසිවන තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම ඊයේ (30) සමත්වුණා.

ට්‍රිනිඩෑඩ්හි කුවීන්ස් පාර්ක් ඕවල් පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට ගයානා කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව ඔවුන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150 ක් පමණයි.

ජොෂුවා ද සිල්වා ලකුණු 59 (46) ක් සහ දිනේෂ් රාම්දීන් නොදැවී ලකුණු 37 (30)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නායක ක්‍රිස් ග්‍රීන් කඩුලු 2 ක් බිඳ හෙලුවා.

ලකුණු 151 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගයානා කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරාන් නොදැවී ලකුණු 100 ක් වාර්තා කිරීමට සමත් වුණේ පන්දු 45 කට මුහුණ දෙමින්.

ඔහුගේ ශතකයට හයේ පහරවල් 10 ක් හා හතරේ පහරවල් 4 ක් ඇතුලත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 16ක් අවශ්‍යව තිබියදී ඔහුට තම ශතකය වාර්තා කිරීමට අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 18ක්.

ඒ අනුව අඛණ්ඩව පන්දු 3කදී හයේ පහරවල් 3ක් එල්ල කළ නිකලස් පූරාන් තරගයේ ජය තම පිලට ගෙන දෙමින් සිය ශතකය ද සම්පූර්ණ කිරීමට සමත් වුණා.

මෙය ඔහු 20යි 20 පිටියේ වාර්තා කළ පළමු ශතකය වීම ද විශේෂත්වයක්.

රොස් ටේලර් නොදැවී ලකුණු 25 යි.

තරගයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...