මුරලිගේ කඩුලු 9ට අදට වසර 22යි

Date:

අදට වසර 22 කට පෙර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහනයක් ලබා දීමට ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍යම දග පන්දු පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් සමත් වුණා.

ඒ, 1998 වසරේ අගෝස්තු 31 වනදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වූ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ දී යි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 10ක ජයක් වාර්තා කළ අතර, එය එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව එරට දී ලැබූ පළමු ටෙස්ට් තරග ජය ද වනවා.

එම තරගයේ දෙවනි ඉනිමේ දී මුරලිදරන් විසින් ලකුණු 65 ක් පමණක් ලබා දී බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 9 ක්.

ටෙස්ට් ඉනිමකදී ඔහු කඩුලු 9ක් දවා ගත් පළමු අවස්ථාව එය වූ අතර, අනතුරුව 2002 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද මුරලිදරන් කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුණා.

1998 වසරේ පැවැති එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද මුරලිදරන් කඩුලු 7ක් දවා ගත්තා.

ඒ අනුව තරගය තුළ දී ඔහු බිඳ හෙලූ සමස්ත කඩුලු සංඛ්‍යාව 16 ක්.

එය අදටත් වාර්තා වන්නේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී පන්දු යවන්නෙකු වාර්තා කර ඇති පස්වන හොඳම පන්දු යැවීමේ දක්ෂතාවය ලෙසයි.

ඔහු හැරුණු විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී කඩුලු 9ක් දවා ගත් එකම පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.

මුත්තයියා මුරලිදරන් එංගලන්තයට එරෙහිව කඩුලු 9 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් අත්කර දුන් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...