LPL තරගාවලියට IPL, CPL, PSL කණ්ඩායම් එක් වන ලකුණු

Date:

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා වෙනත් ලීග් තරගාවලියන් ක්‍රීඩා කරන කණ්ඩායම් කිහිපයක් ද එක් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පාකිස්තාන සුපර් ලීග්, ඉන්දීය ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග් සහ කැනඩා ගෝලීය 20යි 20 ලීග් යන තරගාවලියන් ක්‍රීඩා කරන කණ්ඩායම් ඊට එක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කණ්ඩායමක් තරගාවලියට එක් වීමට මේ වන විටත් කැමැත්ත පල කර ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

මෙවර එල්.පී.එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් සකස් කර ඇත්තේ.

මීට පෙර අදාළ තරගාවලිය අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතයත් සමග පවතින සියලු තත්ත්වයන් සලකා බලා පසුව එය කල් දැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...