හයේ පහරකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි සූර්යකුමාර්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර සිව්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී අනර්ඝ ඉනිමක් දියත් කිරීමට සූර්යකුමාර් යාදේව් සමත්වුණා.

මෙය ඔහු ක්‍රීඩා කරන දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වන අතර, ප්‍රථම තරගයේදී ඔහුට පිතිකරණයේ නියැලීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඒ අනුව ජාත්‍යන්තර පිටියේ පිතිකරණයේ නියැලුන ප්‍රථම ඉනිම තුළම අර්ධ ශතකයක් වාර්තා කිරීමට යාදේව් සමත්වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

පන්දු 31 ක් තුළ ලකුණු 57 ක් ලබා සිටියදී සෑම් කරන් යොමු කළ පන්දුවකට ඩේවිඩ් මලාන් අතට උඩ පන්දුවක් ලබාදීමෙනුයි ඔහු දැවීගියේ.

පිටියේ විනිසුරුවන් විසින් එය දැවීයාමක් දැයි සැකහැර දැන ගැනීම සදහා තෙවන විනිසුරුට යොමු කළ අතර, එහිදී තෙවන විනිසුරු විසින් එය දැවීයාමක් ලෙස ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත්, එම උඩ පන්දුව නිසි පරිදි රැක නොගත් බවට ද පුනරූපනවලින් දක්නට ලැබෙන බැවින් එම තීරණය මතභේදාත්මක තීරණයක් බවට පත්ව තිබෙනවා.

සූර්යකුමාර් යාදේව්ගේ මෙම අර්ධ ශතකයට හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 6 ක් ඇතුළත්.

ජොෆ්රා ආචර් යොමු කළ පන්දුවකට අලංකාර හයේ පහරක් වාර්තා කරමින් යාදේව් සිය මංගල ජාත්‍යන්තර ලකුණ පළමු පන්දුවෙන්ම රැස්කිරීමට සමත්වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...