දකුණු අප්‍රිකා සංචාරය අභියස පාකිස්තාන ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

දකුණු අප්‍රිකා සංචාරය සදහා නම් කර ඇති පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 හෙවෙත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

35 දෙනෙකු සදහා වෛද්‍ය පරීක්ෂණ සිදු කර ඇති අතර, ඉන් 34 දෙනෙකුටම වෛරසය ආසාදනය වී නොමැති බවටයි අණාවරණය වී ඇත්තේ.

ඒ අනුව සෙසු ක්‍රීඩකයින් ලාහෝර් නුවර දී හෙට(19) සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයා අද(18) දිනයේ දී යළිත් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද සිදු කෙරෙන පරීක්ෂණයෙන් ඔහුගේ ශරීරිය තුළ වෛරසය නොමැති බවට හදුනා ගැණුනොත් පමණක් එම ක්‍රීඩකයාට ලාහෝර් නුවර වෙත පැමිණීමට අවස්ථාව උදා වනු ඇති.

එසේ වුව ද, තවත් දින දෙකක් ඔහුට ලාහෝර්හී දී ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදු වන අතර, අනතුරුව තෙවන වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීමට සිදු වනවා.

පාකිස්තාන කණ්ඩායම ලබන 26 වනදා දකුණු අප්‍රිකාව බලා පිටව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...