ටේලර්ට පළමු එක්දින තරගය අහිමි වෙයි

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත පිතිකරු රෝස් ටේලර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

දේශීය තරගයක් අතරතුර පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇති බව සදහන්.

ටේලර් වෙනුවට මාර්ක් චැප්මන් සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය සදහා රෝස් ටේලර්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය එළඹෙන 20 වනදා ඩුනේඩින්හී දී පැවැත්වීමට නියමිතයි.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙයයි.

සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර, ප්‍රසාද ලකුණු සෘන දෙකකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට 10 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

අප මීට පෙර වාර්තා කළ පරිදි කොදෙව්වන්ට එරෙහිව නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වීම හේතුවෙනුයි ශ්‍රී ලංකාවට දඩුවම් ලකුණු දෙකක් අයි.සී.සීය විසින් පැනවීමට පසුගියදා තීරණය කළේ.

සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු ජයග්‍රහනයක් වාර්තා කර නොමැති බැවින් හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සටහන්වන්නේ සෘන දෙකක් ලෙසයි.

ALSO READ : ශ්‍රී ලංකාවට අයි.සී.සී ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...