ඉන්දියාවට තියුණු ජයක් – තරගාවලියත් සම තැනට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, සිව්වන 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

අහ්මදාබාද්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

සූර්යකුමාර් යාදෙව් පන්දු 31කින් ලකුණු 57ක් රැස් කළ අතර, ෂ්රෙයස් අයියර් පන්දු 18කින් ලකුණු 37ක් රැස් කළා.

රිෂාබ් පාන්ට් ලකුණු 30යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 33කට කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි.

බෙන් ස්ටොක්ස් පන්දු 23කින් ලකුණු 46ක්, ජේසන් රෝයි පන්දු 27කින් ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ෂර්දුල් තාකූර් කඩුලු 3ක් බිද හෙලූ අතර, හර්ඩික් පාන්ඩ්යා සහ රාහුල් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...