හයේ පහරකට 10,000 ක්, හතරේ පහරකට 4,000 ක්, කඩුල්ලකට 6,000 ක් – SLC

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘රෝස දිනය’ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රට තුළ ‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අරමුදල් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව LPL තරගාවලියේ දී හයේ පහරක්, හතරේ පහරක් හා කඩුල්ලක් දැවී යාමක් වාර්තා වන සෑම අවස්ථාවකදීම අදාළ අරමුණ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

එක් හයේ පහරක් සදහා රුපියල් 10,000 ක් ද, හතරේ පහරක් සදහා රුපියල් 4,000 ක් ද, කඩුල්ලක් සදහා රුපියල් 6,000 ක් ද පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙවර LPL තරගාවලියේ අවසන් තරගය නිමා වන තුරු මෙම පරිත්‍යාගය සිදු කිරීමට නියමිතයි.

‘පියයුරු පිළිකා’ පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘රෝස දිනය’ වැඩසටහන අද(14) දිනයට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ක්‍රීඩකයින් රෝස පැහැයෙන් යුත් ඇදුමින් සැරසී අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...