Euro 2024 : එංගලන්තය ද? ස්පාඤ්ඤය ද? අවසන් තරගයට සියල්ල සූදානම්

Date:

2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ස්පාඤ්ඤය හා එංගලන්තය අතර මෙරට වේලාවෙන් හෙට(15) අලුයම 12.30 ට ජර්මනියේ බර්ලින් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මීට පෙර තෙවරක් යුරෝ කුසලානය ජය ගත් ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් වන එංගලන්තය අවසන් මහා තරගයට එක්වන්නේ පළමු වරට මෙම ශූරතාවය ජය ගැනීමේ අරමුණින්.

1966 වසරේ දී එංගලන්තය පාපන්දු ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව මේ දක්වා වසර 58 ක කාලයක් පුරා එංගලන්තයට ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක ශූරතාවයක් දිනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර, යුරෝපා කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයෙන් පසුව තමන් ස්පාඤ්ඥ ජාතික කණ්ඩායමට සමු දෙන බව Jesús Navas පවසනවා.

ස්පාඤ්ඤය අවසන් වරට 2012 වසරේ දී යුරෝපා පාපන්දු ශූරතාවය දිනා ගත් අවස්ථාවේ දී එම සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් මේ වන විට ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයා වන්නේ 38 හැවිරිදි Navas පමණයි.

2010 වසරේ දී පාපන්දු ලෝක ශූරතාවය දිනා ගත් ස්පාඤ්ඤ කණ්ඩයමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු ක්‍රීඩා කළා.

මෙම වසර අවසානයේ දී තමන් සිය වෘත්තීය පාපන්දු දිවියට ද සමු දෙන බවයි Navas සදහන් කර ඇත්තේ.

2009 වසරේ දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ඔහු මේ දක්වා ස්පාඤ්ඤය වෙනුවෙන් තරග 56 ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...