දිල්ලි පුහුණුකරු ධූරයෙන් පොන්ටින් ඉවතට

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රිකී පොන්ටින් එම ධූරයෙන් ඉවත් කිරීමට කැපිටල්ස් හිමිකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

පොන්ටින් වසර හතක කාලයක් දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

2018 වසරේ දී, එනම් දිල්ලි කණ්ඩායම Delhi Daredevils ලෙස හදුන්වන කාලයේ දී යි රිකී පොන්ටින් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත්තේ.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ දිල්ලි කණ්ඩායම 2018 වසරේ දී අවසන් ස්ථානයට පත් වූ නමුත්, 2019, 2020 හා 2021 වසරවලදී ඔවුන් අවසන් වටයට (playoffs) සුදුසුකම් ලබා ගත්තා.

2020 වසරේ දී පළමු වරට අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කළ දිල්ලි පිල එම අවසන් තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

කෙසේ වෙතත්, අවසන් වරට පැවැති තරගාවලි ත්‍රිත්වයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට අසමත් වුණා.

මෙම වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කණ්ඩායමට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස සෞරව් ගංගුලි කටයුතු කරන අතර, ඇතැම් විට ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීළග තරග වාරයේ දී කටයුතු කිරීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...