Copa América : දඩුවම් පහර 4-3 ක් ලෙස උරුගුවේ තෙවැනි ස්ථානය දිනයි

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට උරුගුවේ කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) පෙරවරුවේ සමත් වුණා.

ඒ, තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැති තරගයෙන් කැනඩාව පරදා දඩුවම් පහර 4-3 ක් ජය වාර්තා කරමින්.

තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසු වූ අතර, නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසු වූයේ ගෝල 2-2 ක් ලෙසයි.

තරගයේ පළමු ගෝලය උරුගුවේ ක්‍රීඩක Rodrigo Bentancur විසින් 8 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කැනඩාව වෙනුවෙන් Ismaël Koné 22 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළා.

දෙවැනි අර්ධයේ පළමු ගෝලය වාර්තා වූයේ 80 වැනි මිනිත්තුවේ දී යි. කැනඩාව වෙනුවෙන් Jonathan David විසින් එම ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමට තෙවැනි ස්ථානය දිනා ගැනීම සදහා අනගි අවස්ථාවක් උදා කර දුන්නා.

කෙසේ වෙතත්, තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙර, එනම් 90 වැනි මිනිත්තුව පසු වී මිනිත්තු දෙකක් ගත වී තිබූ පසුබිමක උරුගුවේ වෙනුවෙන් Luis Suárez ගෝලයක් වාර්තා කරමින් තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම සම මට්ටමට රැගෙන ඒමට සමත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් හෙට(15) අලුයම 5.30 ට පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාව හා කොලොම්බියාව අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...