සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ නසීම්ට යළි කැදවීමක්

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කෙරුණු පාකිස්තාන සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට පී.එස්.එල් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලට යළි එක්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියට අදාළ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති පසුබිමකයි.

තරගාවලිය සදහා විශේෂ ගුවන් යානාවලින් අබුඩාබි බලා පිටත්ව යන ක්‍රීඩකයින් මැයි 24 වනදා වන විට කරච්චි සහ ලාහෝර්හි ක්‍රීඩකයින් සදහා වෙන් කළ හෝටල්වලට වාර්තා කර යුතුව තිබූ අතර, එහිදී පැය 48ක් තුළ ලබා ගත් PCR වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුව තිබුණා.

කෙසේ වෙතත්, නසීම් ශාහ් ලාහෝර්හී දී බළධාරීන්ට ඉදිරිපත් කර තිබුණේ පසුගිය 18 වැනිදා ඔහු ලබා ගත් PCR වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක්.

ඒ හේතුවෙන් මීට දින 3කට පෙර තීරණය කෙරුණේ ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමටයි.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ පී.එස්.එල් කණ්ඩායම් අතර පැවැති සාකච්ඡාවකින් පසුව නසීම් ශාහ්ට යළි තරගාවලියට එක්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු PCR වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වී යළි හෝටලයට ඇතුළු විය යුතු අතර, අනතුරුව තවත් PCR පරීක්ෂණ දෙකකින් සමත්වීමෙන් පසුවයි අබුඩාබි බලා පිටත්ව යා හැකි වන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට පියවර ගැණුනු මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...