සංගක්කාරට පමණක් දෙවැනි වූ කුසල්ගේ ශතකය වාර්තා අලුත් කළ හැටි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් සිය හයවන ජාත්‍යන්තර එක්දින ශතකය අද වාර්තා කළ නායක කුසල් ජනිත් පෙරේරා වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වී තිබෙනවා.

ඔහු පන්දු 122 ක් තුළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 120 ක්.

එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුණා.

කුසල් පෙරේරා අද රැස් කළ ලකුණු සංඛ්‍යාව එක්දින ඉනිමක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙකු බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද හයවන ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම කුසල්ගේ මෙම ඉනිම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගයකදී ඔවුන්ගේ රට තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

එය දෙවැනි වූයේ 2014 වසරේ ඩකා ක්‍රීඩාංගනයේ දී කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 128 ට පමණයි.

ලොව ඕනෑම පිතිකරුවෙකු එක්දින තරගයකදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දී රැස් කරන ලද 12 වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද කුසල් අද ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...