ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට අතිරේක දිනයක්; තරග කොන්දේසි නිකුත් වෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තරග කොන්දේසි ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(28) නිවේදනය කළා.

ඒ අනුව ජූනි 18 වනදා සිට 22 දක්වා එංගලන්තයේ සවුත්හැම්ටන්හී දී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත අවසන් තරගය සදහා අතිරේක දිනයක් ලෙස ජූනි 23 වනදා නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එය යොදා ගනු ලබන්නේ නියමිත දින 5 අවසන් වන විටත් තරගය පැවැත්වීමට නියමිත සම්පූර්ණ කාලය පවත්වා නිමා කිරීමට නොහැකි වුවහොත් පමණයි.

ඒ බව අවසන් වශයෙන් නිවේදනය කරනු ලබන්නේ තරගයේ 5 වන දිනයේ අවසන් පැය ආරම්භ වන අවස්ථාවේ දී යි.

කෙසේ වෙතත්, නියමිත දින 5 අවසන් වන විට තරගය පැවැත්විය යුතු නියමිත කාලය පවත්වා තිබුණහොත්, සහ කිසිදු කණ්ඩායමක් විසින් තරගයේ ජය වාර්තා කර නොතිබුණොත් තරගය අතිරේක දිනයේ දී පැවැත්වීමක් සිදු වන්නේ නැහැ.

එවැනි අවස්ථාවක තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ සම ශූරයින් ලෙස ඉන්දියාව සහ නවසීලන්තය ඉතිහාසගත වනු ඇති.

එමෙන්ම තරගයේ ලකුණු ප්‍රමාණය සම වීමක් සිදු වුවහොත් ද කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙසයි ප්‍රකාශයටත් පත් කෙරෙන්නේ.

තරගය සදහා “Grade 1 Dukes” පන්දුව යොදා ගන්නා බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...