සුපිරි 4 වටයේ තරග හම්බන්තොටට ; එක්සත් අරාබියේ පවත්වන්නත් යෝජනාවක්

Date:

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ කොළඹ පැවැත්වීමට නියමිත තරග හා අවසන් මහා තරගය හම්බන්තොට ක්‍රීඩාංගනයේ පැවැත්වීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සලය මේ වන විට සැලසුම් කර තිබෙනවා.

ඒ, එම සියලු තරග පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තරගාවලියේ සංවිධායකයින් කටයුතු කර ඇති බව ද සදහන්. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කරනු ඇති.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මහනුවර සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට නියමිත අතර, මේ වන විට පාකිස්තානයේ රැදී සිටින පාකිස්තාන හා බංග්ලාදේශ කණ්ඩායම් ද හෙට (6) පැවැත්වීමට නියමිත තරගයෙන් පසුව හම්බන්තොට දක්වා ගමන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ද ලාහෝර් නුවර රැදී සිටින අතර, එම කණ්ඩායම් දෙකෙන් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන කණ්ඩායම ද අද(5) තරගයෙන් පසුව හම්බන්තොට දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබූ නමුත්, එරට පවතින දැඩි උණුසුම් කාළගුණය සැලකිල්ලට ගනිමින් එම විකල්ප යෝජනාව ඉවත දමා ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ලෝක කුසලානය අභියස එක්සත් අරාබියේ ක්‍රීඩා කිරීම තුළින් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමට ලක් විය හැකි බැවිනුයි එම යෝජනාව ඉවත දමා ඇත්තේ.

වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය දෙවැනිදා පැවැති ඉන්දු-පාකිස්තාන තරගය ද ප්‍රතිපලයකින් තොරව අවසන් කිරීමට සිදු වුණා. එමෙන්ම ඊයේ(4) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ඉන්දු-නේපාල තරගයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පමණක් පාකිස්තානයේ ලාහෝර් නුවර දී හෙට පැවැත්වීමට නියමිත අතර, අනතුරුව සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 5 හා අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...