ලෝක කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(5) නිවේදනය කෙරුණා.

ශ්‍රී ලංකාවේ පැවැති මාධ්‍ය හමුවකදී එරට තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කර් විසින් මෙම සංචිතය නිවේදනය කළා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. උප නායකයා ලෙස පත් කර ඇත්තේ හර්ඩික් පාන්ඩ්යා.

ආබාධයකට ලක්ව සිටි කේ.එල් රාහුල් මෙම සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ආබාධය නිසා ඔහුට මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග ද අහිමි වුණා.

සංචිතය සදහා ආර්. අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් නම් කර නැහැ. තිලක් වර්මා, සංජු සැම්සන් හා ප්‍රසිද් ක්‍රිෂ්නාට ද සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

එක්දින පිටියේ දී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ සූර්යකුමාර් යාදව් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, ඉෂාන් කිෂන් ද සංචිතයට ඇතුළත්.

සංචිත සදහා වෙනස්කම් සිදු කිරීමට සැප්තැම්බර් 28 වැනිදා දක්වා සියලු රටවල් වෙත අවස්ථාව පවතිනවා. සැප්තැම්බර් 28 වැනිදායි පසුව වෙනස්කම් සිදු කිරීමේ දී ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වනවා.

India Squad:

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Ishan Kishan, KL Rahul, Hardik Pandya (Vice-captain), Suryakumar Yadav, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Kuldeep Yadav

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...