ආසියානු කුසලානයෙන් ඉවත් කෙරුණු ලිටොන් දාස් යළි සංචිතය සමග එක්වෙයි

Date:

බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු හා උප නායක ලිටොන් දාස් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශ සංචිතය සමග එක්ව තිබෙනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර දී ඔහු සංචිතය සමග එක්ව ඇත්තේ ඔහු ඒ සදහා සුදුසු යෝග්‍යතාවයක පසුවන බවට වෛද්‍ය නිර්දේශ ලැබීමෙන් අනතුරුවයි.

ලිටොන් දාස් මෙවර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් පළමුව නම් කර තිබූ නමුත්, පසුව ඔහුව තරගාවලියෙන් ඉවත් කෙරුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඔහු වෙනුවට 30 හැවිරිදි කඩුලු රකින පිතිකරු අනමුල් හක් බිජෝයි බංග්ලාදේශ සංචිතයට ආදේශ කිරීමට ද එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

නමුත්, සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක් වීමත් සමග ලිටොන් දාස් සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී ශතක වාර්තා කළ නජ්මුල් හොසේන් ශන්ටෝ හා මෙහිදි හසාන් මිරාස් එම තරගයේ දී ආබාධවලට ලක් වුණා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී මුහුණ දුන් ආබාධයක් හේතුවෙන් ඇෆ්ඝනිස්තාන තරගයට ක්‍රීඩා කළේ නැහැ.

ශ්‍රී ලංකාවට එරෙහි තරගය පරාජයට පත් වුවද, ඇෆ්නිස්තානයට එරෙහි තරගයේ දී වාර්තා කළ ලකුණු 89 ක ජය හේතුවෙන් බංග්ලාදේශය සුපිරි 4 වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට පසුගියදා සමත් වුණා.

සුපිරි 4 වටය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය හෙට(6) ලාහෝර් හී දී පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...