සුපිරි පන්දුවාරයේදී රාජස්ථාන් පරදා දිල්ලිය ජය ගනියි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32 වැනි තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

ඔවුන් හමුවේ දිල්ලිහීදී පැවැති තරගයෙන් පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිලට ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණයි.

අනතුරුව ලකුණු සම වීම හේතුවෙන් ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දු පහක් තුළ කඩුලු දෙකම දැවී යමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11 ක්.

ජයග්‍රහනය සදහා ලකුණු 12 ක ඉලක්කයක් හඹා ගිය දිල්ලිය පන්දු 4 ක් පමණක් වැය කරමින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් අභිෂේක් පොරෙල් ලකුණු 49(37) ක්, කේ එල් රාහුල් ලකුණු 38(32) ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණූ 34(18) ක් හා නායක අක්සාර් පටෙල් ලකුණු 34(14) ක් රැස් කළා.

පන්දු යැවීමේදී ජොෆ්ර ආචර් ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 40 කට කඩුල්ලක් හා වනිදු හසරංග ලකුණු 38 කට කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු රාජස්ථාන් පිල වෙනුවෙන් යශස්වි ජයිස්වාල් හා නිටිෂ් රානා ලකුණූ 51 බැගින් ලබා ගත්තා. සංජු සැම්සන් ලකුණු 31 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...