එංගලන්ත වේග පන්දු යවන්නාට වසරක ක්‍රිකට් තහනමක්

Date:

එංගලන්තයේ හැම්ප්ෂයාර් ප්‍රාන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Keith Barker හට වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

2024 වසරේ ජූලි මාසයේ සිට බලාත්මක වන පරිදියි මෙම තහනම පනවා ඇත්තේ.

පසුගිය තරග වාරයේදී තහනම් උත්තේජකයක් ඔහු විසින් ලබා ගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

2024 වසරේ මැයි මාසයේදී ඔහු මෙලෙස තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබූ අතර, අනතුරුව ජූලි මාසයේදී ඔහුට එරෙහිව තාවකාලික තහනමක් පැනවුණා.

ඔහු මාර්තු 5 වනදා පැවති විභාගයකදී එංගලන්ත ක්‍රිකට් ආයතනයේ තහනම් උත්තේජක විරෝධී නීති දෙකක් උල්ලංඝනය කළ බව පිළිගෙන තිබෙනවා.

38 හැවිරිදි ඔහුට ජූලි 4 වැනිදා සිට යළි ක්‍රිකට් පිටියට පිවිසීමට අවසර හිමිවනවා.

තහනම් උත්තේජකයක් ලෙස සැලකුණු ද Keith Barker භාවිතා කර ඇති Indapamide නම් ඖෂධය අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක් බව සදහන්. එය ඔහු විසින් භාවිතයට ගෙන ඇත්තේ ද ඖෂධයක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...