ඔලිම්පික් ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය මෙන්න

Date:

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන ක්‍රීඩාංගනය තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දකුණු කැලිෆෝනියාවේ Pomona හීදී තාවකාලිකව ඉදි කෙරෙන ක්‍රීඩාංගනයකදී ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතයි.

ජූලි 14 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඇතුළත් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

1900 වසරෙන් පසුව පළමු වරටයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇත්තේ. තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය මෙතෙක් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...